ඉන්දියානු නිදහස් සටනේ පුරෝගාමියා, ලෝක අවිහිංසාවාදයේ පියා හැටියට හදුන්වන මහත්මා ගාන්ධි තුමා කියල තියනවලු යමෙකු ඔබගේ එක කම්මුලක ගැහුවොත් අනෙක් කම්මුලත් පාන්න කියලා....
හි හි ඉතින් ඔන්න ඉතිං අවිහිසාවාදයට කැමති යාලුවො දෙන්නෙක් මේක ප්‍රායෝගිකව කරන්න හිතුවලු...
1 යාලුවා කම්මුල දික් කරාලු 2 යාලුවාට.
2 යාලුවා කම්මුලට ගැහුවාලු...
එතකොට පළවෙනි යාලුවා කිව්වාලු, ඔයා දන්නවද මහත්මා ගන්ධි තුමා කියල තියනවා “ ඔයාගෙ එක කම්මුලකට ගැහුවොත් අනිත් කම්මුලටත් ඒ පැත්තට හරවන්න කියලා. අනිත් කම්මුලත් ඇල්ලුවාලු.
ඉතින් ඔන්න 2 යාලුවා අනිත් ක්ම්මුලටත් ගැහුවාලු....
ඉතිං ඊළගට?
ඊළගට කරන දේ ගාන්ධි තුමා කියලා නැති නිසා 1 යාලුවා 2 යාලුවාට බිම පෙරළගන ගහගෙන ගහගෙන ගියාලු....